ශ්‍රී ලංකාවට තියුණු ජයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති තරගය ලකුණු 21කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශ නායකයා දිනා ගත් අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

ශ්‍රී ලංකා ඉනිම ඇරඹූ පැතුම් නිස්සංක සහ දිමුත් කරුණාරත්න පළමු කඩුල්ලට ලකුණු 34ක සබඳතාවක් ගොඩනැගුවේය.

අනතුරුව පැතුම් නිස්සංක සමගින් එක් වූ කුසල් මෙන්ඩිස් දෙවන කඩුල්ලට ලකුණු 74ක සබඳතාවයක් ගොඩනැගූ අතර  පැතුම් නිස්සංක ලකුණු 40ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 50ක් රැස්කළහ.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ සදීර සමරවික්‍රම සිය එක්දින දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කරමින් රැස්කළ ලකුණු සංඛ්‍යාව 93කි.

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50දි කඩුලු 9ක් දැවි ලකුණු 257ක් රැස් කිරීමට සමත්වුණි.

ලකුණු 258ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලදේශ කණ්ඩායමට පන්දුවාර 48යි එක් පන්දුවකදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 236ක් පමණි.

මෙය ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිට ලබාගත් 13වැනි එක්දින ජාත්‍යන්තර තරග ජයග්‍රහණය ලෙස වාර්තා පොතට එක්වෙයි.

ඔස්ට්‍රේලියාවේ ස්ට්‍රෝබෙරි ගම්මානයක් ශ්‍රී ලංකාවේ

නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාපිත කරනු ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ට්‍රෝබෙරි ආදර්ශ ගම්මානය තුළ සිදු කෙරෙන ස්ට්‍රෝබෙරි වගාවේ පැළ රෝපණ කටයුතු මේ වන විට අවසන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

Read More »

කොවිඩි නීති උල්ලංඝණයට පැනවූ දඩ අය කර ගන්න නව වැඩසටහනක්

කොවිඩ් වසංගත සමයේ නිකුත් කර තිබූ මහජන සෞඛ්‍ය උපදෙස් සහ දේශසීමා නීති උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ දඩ මුදල් අය කර ගැනීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වයස 35 ඉක්මවූ පශ්චාත් උපාධි අපේක්ෂකයින්ට ෆෙඩරල් රජයෙන් උපදෙසක්

ටෙම්පරි ග්‍රැජුඒට් වීසා (Temporary Gratuate visa) කාණ්ඩය යටතේ පැනවූ නව සීමා හේතුවෙන් ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකි වන ජාත්‍යන්තර සිසුන්ට වෙනත් සුදුසු වීසා කාණ්ඩයක් තෝරාගන්නා ලෙස ෆෙඩරල් රජය උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඩොලර් 100 නෝට්ටුව ගැන ජනතාවට දැනුම්දීමක්

විදෙස් රටකදී ඔස්ට්‍රේලියානු ඩොලර් 100 නෝට්ටුවක් මාරු කිරීමට යාමේදී සිදු වූ අපහසුතාවක් පිළිබඳ ඔස්ට්‍රේලියා සංචාරකයෙකු විසින් ජනතාවට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

Read More »