Search

වික්ටෝරියා e-දුම්වැටි භාවිත කරන පිරිස සීඝ්‍රයෙන් ඉහළට

වික්ටෝරියා ප්‍රාන්තයේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි හෙවත් vape භාවිත කරන පිරිස සීඝ්‍රයෙන් ඉහළගොස් තිබෙනවා.

ප්‍රාන්තයේ වයස අවුරුදු 18 ත් 30 ත් අතර ජනගහණයෙන් සැළකිය යුතු පිරිසක් මේ වනවිට ඒ සඳහා ඇබ්බැහි වී ඇති බව සඳහන්.

2018 වසරේදී වික්ටෝරියාවේ වයස අවුරුදු 18 ත් 24 ත් අතර කාන්තාවන් අතුරින් vape භාවිත කර තිබුණේ සියයට 2.8 ක් පමණයි.

කෙසේවෙතත් මේ වනවිට එම ප්‍රතිශතය සියයට 15.2 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

vape සඳහා නිකොටින් අන්තර්ගත කිරීම තහනම් වුවද ඇතැම් වල එය අන්තර්ගත බවටද තහවුරු වී තිබෙනවා.

එබැවින් vape භාවිතය සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියාව තුළ දැඩි නීති පණවන ලෙසයි විද්වතුන් පිරිසක් ෆෙඩරල් රජයෙන් ඉල්ලා සිටින්නේ.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »