Search

දකුණු ඔස්ට්‍රේලියා සංචාරක වවුචර් ක්‍රමය අසාර්ථක බවට චෝදනා

දකුණු ඔස්ට්‍රේලියාවේ සංචාරක කර්මාන්තය නංවාලීමට ක්‍රියාක්මක කල වවුචර් ක්‍රමය අසාර්ථක බවට සංචාරක කර්මාන්තයේ නිරතවන්නන් චෝදනා කරනවා.

විශේෂයෙන් ජලගැලීම් හමුවේ බලපෑම් එල්ලවූ ප්‍රදේශ වෙත සංචාරක ආකර්ශණය දිනාගැනීමට එම වවුචර ක්‍රමය අපොහොසත්වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

දැනට නිකුත් කර ඇති වවුචර් 12,000 කට ආසන්න සංඛ්‍යාවක් මගින් මෙතෙක් භාවිතයට ගෙන ඇත්තේ වවුචර් 4,000 ක් පමණක් බව සඳහන්.

කෙසේවෙතත් අදාළ ප්‍රචාරක වැඩසටහන සඳහා පමණක් දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය විසින් ඩොලර් මිලියන 3.5 ක මුදලක් වැය කර තිබෙනවා.

දකුණු ඔස්ට්‍රේලියා සංචාරක වවුචර් වැඩපිළිවෙලේ 02 වන අධියර තවත් දින කිහිපයකින් ආරම්භවීමටද නියමිතයි.

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »

ප්‍රාන්ත තුනකට ඉදිරි දින කිහිපය කාළගුණයෙන් දැඩි බලපෑම්

නිව්සවුත්වේල්ස් , ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රදේශ වලට ඉදිරි දින 3 තුළ දැඩි උෂ්ණත්වයක් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය අනතුරු ඇගවීමක් කර තිබෙනවා.

Read More »