ශීත සෘතුවේ රෝගීන් දකුණු ඔස්ට්‍රේලියා ගිලන් රථවල සිටි කාලය පැය 10,000 ඉක්මවයි

දකුණු ඔස්ට්‍රේලියාවේ රෝහල් සඳහා ඇතුළත් කෙරෙන රෝගීන් ගිලන් රථ තුළ ගත කරන කාලය අඛණ්ඩව ඉහළ ගොස් තිබෙනවා.

ශීත සෘතුව පැවති ජූනි – ජූලි සහ අගෝස්තු මාසවලදී පැය 10,180 කට ආසන්න කාලයක් එලෙස රෝගීන් ගිලන් රථ තුළ ගතකර ඇති බවයි නවතම දත්ත වාර්තාවල දැක්වෙන්නේ.

ඒ අනුව ජූලි මාසයේදී පැය 3,354 ක් සහ අගෝස්තුවේදී පැය 3,721 ක් ලෙස රෝගීන් ගිලන් රථ තුළ කාලය ගත කර තිබුණා.

කෙසේවෙතත් මෙවර ශීත සෘතුවේදී පසුගිය වසරට වඩා සමස්තයක් ලෙස පැය 1,084 ක අඩුවක් සටහන්වීම විශේෂත්වයක්.

එමෙන්ම හදිසි ඇමතුම් සඳහා ප්‍රතිචාර දැක්වීමද සියයට 67 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි දකුණු ඔස්ට්‍රේලියා ගිලන් රථ සේවය කියාසිටියේ.

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »