Search

මොරොක්කෝ රාජ්‍යයේ ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් 300 ක් ජීවිතක්ෂයට

මොරොක්කෝ රාජ්‍යයේ හටගත් රික්ටර් මාපක 6.8 ක ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් පුද්ගලයන් 300 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍යය වාර්තා කලේ තවත් පුද්ගලයන් 153 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

මොරොක්කෝවේ මරාකේෂ් නගරයේ සිට නිරිත දෙසින් කිලෝමීටර් 71 ක් ඔබ්බෙන් වූ හයි ඇට්ලස් කඳුකරයේ, කිලෝමීටර් 18.5 ක් පොළව අභ්‍යන්තරයේ මෙම කම්පනය ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා.

භූමිකම්පාවෙන් ්ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල වී තිබෙනවා.

ඇට්ලස් කඳුකරයේ ඇති වූ භූ කම්පනය කිලෝමීටර් 350 ක් පමණ දුරින් පිහිටි රබාත් අගනුවරට මෙන්ම කැසබ්ලැන්කා සහ එසවුරා නගර වෙත ද දැනී ඇති බව වාර්තා වනවා.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »