
සිංගප්පූරුවේ පැවති ETG National Awards 2023 හිදී දියමන්ති සම්මානයකින් (Diamond Award) පිදුම් ලැබීමට My Flight Zone සමත්වී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව ඉලක්ක කරගෙන ගුවන් ප්‍රවේශපත්‍ර සහ සංචාරක සේවා පවත්වාගෙන යන ආයතන අතුරින් මෙම සම්මානය මෙවර දිනාගත් එකම ආයතනයද My Flight Zone වීම විශේෂත්වයක්.
එමෙන්ම සමස්ත ඔස්ට්‍රේලියාවේම හොඳම ගුවන් ප්‍රවේශපත්‍ර නියෝජිත ආයතන 06 අතරටද ඔවුන් ඇතුළත්ව සිටිනවා.

ගුවන් ප්‍රවේශ පත්‍ර නියෝජිත ආයතන අතර ඉහළින්ම වැජඹෙන My Flight Zone ආයතනය සිය සාර්ථක 10 වන සංවත්සරය මීට මාස කිහිපයකට ඉහතදී සමරනු ලැබුවා.
දින 365 තුළම පැය 24 පුරා වසර 10 ක් මුළුල්ලේ ක්‍රියාත්මක වූ මෙන්ම වෙමින් පවතින එකම ගුවන් ප්‍රවේශ පත්‍ර නියෝජිත ආයතනයද My Flight Zone වීම විශේෂත්වයක්.

දැනට වික්ටෝරියා ප්‍රාන්තය තුළ මෙන්ම ඔස්ට්‍රේලියාව තුළද ශ්‍රේණිගත කිරීම්වල ඉහළම ස්ථානයකද ඔවුන් රැඳී සිටිනවා.
එමෙන්ම ඔස්ට්‍රේලියාව තුළ ශ්‍රී ලංකන් – මැලේසියානු සහ සිංගප්පූරු ගුවන් සමාගම් සඳහා වන පළමු නියෝජිතයන් 10 දෙනා අතර සිටින එකම ලාංකික නියෝජිතයා ද ඔවුන් පමණයි.
ව්‍යාපාරයක් යන සංකල්පයෙන් ඔබ්බට ගොස් ශ්‍රී ලංකාවේ සිටින සහෝදර සහෝදරියන් විශාල පිරිසකට රැකියා අවස්ථා උත්පාදනය කරන ආයතනයක් බවට අද වනවිට My Flight Zone පත් වී තිබෙනවා.
ඒ හරහා ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙනෙන තවත් මාවතක් විවර කරපු ස්ථානයක් ලෙසයි My Flight Zone සැළකෙන්නේ.
එමෙන්ම ගුවන් ප්‍රවේශ පත්‍ර ක්ෂේත්‍රය පිළිබඳ දැනුම ලබාදී රැකියාවක් ද ලබාදෙන ශ්‍රී ලංකාවේ එකම ස්ථානය බවටද අද වනවිට My Flight Zone Academy පත්වී තිබෙනවා.