
ව්‍යාජ මුදල් නෝට්ටු සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන්නැයි Royal Adelaide Show නැරඹීමට පැමිණෙන ජනතාවට දැනුම්දීමක් සිදුකෙරෙනවා.
දකුණු ඔස්ටේ්‍රලියා පොලිසිය සඳහන් කලේ විවිධ මිළදී ගැනීම් සඳහා ඉදිරිපත් කර තිබූ ව්‍යාජ ඩොලර් 50 නෝට්ටු කිහිපයක්ම මේ වනවිටත් හමුවී ඇති බවයි.
තමන්ට ලැබෙන නෝට්ටු පිළිබඳ කිසියම් සැකයක් පවතීනම් ඒ පිළිබඳ විමසා තහවුරු කරගන්නැයිද ඉල්ලීමක් කෙරෙනවා.

Royal Adelaide Show හෙටින් අවසන්වීමට නියමිතයි.
ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරම්වල නිරත පිරිස් වැඩි වශයෙන් ඒ සඳහා භාවිත කරනුයේ ඩොලර් 50 නෝට්ටු බවටයි අනාවරණය කරගෙන ඇත්තේ.
