මෙල්බන් CBD රිය අනතුරෙහි රියදුරාට චෝදනා ගොණු කිරීමට පියවර

පුද්ගලයෙකුට මරු කැඳවමින් තවත් 05 දෙනෙකුට තුවාල සිදුකල මෙල්බන් CBD රිය අනතුරෙහි සැකකාර රියදුරාට එරෙහිව චෝදනා ගොණු කිරීමට පියවර ගෙන තිබෙනවා.

26 හැවිරිදි සැකකරු විසින් පදවනු ලැබූ මෝටර් රථය ඊයේ පස්වරු 06 ට පමණ බෝක් වීථියේදී තවත් වාහන 02 ක ගැටීමෙන් අනතුරුවයි මාර්ග සංඥා කණුවකද ගැටී නතර වී තිබුණේ.

මියගොස් ඇත්තේ ඉන් එක් මෝටර් රථයක රියදුරු ලෙස සිටි 76 හැවිරිදි පුද්ගලයෙකුයි.

තුවාල ලැබූවන් අතර මෙල්බන් පදිංචිකරුවන් පිරිසක් සහ චීන ජාතික කාන්තාවකද වනවා.

මෙය කිසිදු කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවන බවත් සැකකාර රියදුරුගේ අපරීක්ෂාකාරී ධාවනය හේතුවෙන් සිදුවූ අනතුරක් බවත් වික්ටෝරියා පොලිසිය අවධාරණය කරනවා.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »