AustralianSuper ට එරෙහිව ෆෙඩරල් අධිකරණයක් හමුවේ නඩු

ඔස්ට්‍රේලියාවේ විශාලතම superannuation අරමුදල වන AustralianSuper ට එරෙහිව ෆෙඩරල් අධිකරණයක් හමුවේ නඩු පැවරීමට විනිමය හා සුරැකුම් කොමිසම පියවර ගෙන තිබෙනවා.

සාමාජික ගිණුම් 90,000 ක් පමණ ඒකාබද්ධ කිරීමට අපොහොසත් වීම හරහා වසර 10 ක පමණ කාලයකදී ඩොලර් මිලියන 69 ක පමණ මුදලක් අයථා අන්දමින් අයකරගෙන ඇති බවටයි ඔවුන්ට චෝදනා එල්ල වන්නේ.

2013 වසරේ ජූලි 01 වනදා සිට මෙම වසරේ මාර්තු 31 වනදා දක්වා කාලය තුළදී ගිණුම් කිහිපයක් පවත්වාගෙන ගිය පුද්ගලයන් හඳුනාගැනීමටත් එම ගිණුම් ඒකාබද්ධ කිරීමටත් ඔවුන් අපොහොසත් වී ඇති බව සඳහන්.

ඒ අනුව ගිණුම් කිහිපයක් ඇති පුද්ගලයන්ගෙන් වෙන වෙනම සේවා ගාස්තු සහ රක්ෂණ වාරික අයකරගෙන ඇති බව අනාවරණය වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ විශාලම රක්ෂණ භාරය වන AustralianSuper සතුව සාමාජිකයන් මිලියන 2.87 ක් සිටින අතර පසුගිය ජූනි 30 වනදා වනවිට එහි වත්කම් ඩොලර් බිලියන 258 ක් පැවති බවටයි තක්සේරු කර තිබුණේ.

ඔස්ට්‍රේලියාවේ පුරප්පාඩු පිරවීමට ගුරු උපාධි අපේක්ෂකයින්ට ඩොලර් 40000ක ශිෂ්‍යත්ව

රට පුරා පවතින ගුරු පුරප්පාඩු පිරවීමේ අරමුණින් ගුරු උපාධි අපේක්ෂකයින් සදහා ඩොලර් 40000ක ශිෂ්‍යත්ව ලබා දීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉල්ලීමක් ට්විටර් ප්‍රතික්ෂේප කරයි

සිඩ්නි දේවස්ථානයකදී සිදු වූ පිහි ඇනුම සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විම වැළැක්වීමට කටයුතු කරන ලෙසට බලධාරීන් ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඔස්ට්‍රේලියා ඊ සේෆ්ටි කොමසාරිස්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

රෝගියෙකුට කොවිඩ් ආසාදිතව සිටි දීර්ඝතම කාලය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාධනය වී දින 613ක්, එනම් වසරකුත් මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත් සුවය නොලැබූ පුද්ගලයෙක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තාවී තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »