Search

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ලිස්ටීරියා රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ලිස්ටීරියා රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා.

මෙම වසරේ ගතවු මාස 08 තුළ ලිස්ටීරියා රෝගීන් 25 දෙනෙකු පමණ හමුවී ඇති බව සඳහන්.

ගර්භණී මව්වරුන්, ප්‍රතිශක්තීකරණය අවම පුද්ගලයින් සහ වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින් මෙම රෝගයට ගොදුරු වීමේ ඉහළ ප්‍රවණතාවයක් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.

ඒ අතුරින් දියවැඩියා හෘදය – අක්මා හෝ වකුගඩු රෝගීන්ට වන බලපෑමද ඉහළ වනු ඇති.

පරිභෝජනයට ගැනෙන ආහාර ආශ්‍රිත බැක්ටීරියා ආසාධන තත්වය මෙම රෝගී තත්වයට මුල්වන අතර පුද්ගල ජීවිත වලට ද තර්ජනයක් සිදුවන බවට සොයාගෙන තිබෙනවා.

ශීත දේශගුණික තත්වය හමුවේ බැක්ටීරියා වර්ධනය ඉහළ යන අතර නිසි ආහාර පුරුදු මගින් මේ තත්වය පාලනය කර ගත හැකි බවයි සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දෙන්නේ.

උණ සහ මාංශපේෂි වේදනාව මෙම රෝගී තත්වයේ මුලික ලක්ෂණය වන අතර දැඩි හිසරදය, ස්නායු රෝග මෙන්ම කෝමා තත්වයන්ද ඇතිවිය හැකියි.

මේ අතර ලිස්ටීරියා රෝගි තත්වය මර්ධනය සදහා ශීත කල මස්, මුහුදු ආහාර නිශ්පාදන, පෙර ඇසුරුම් කරන ලද සලාද සහ ශීත කල ඇතැම් චීස් වර්ග අනුභව නොකරන ලෙසයි සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී ඇත්තේ.

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

Geelong හි මෝටර් රථ සොරකමක් මැඩලීමට ගිය පොලීසියට අනතුරක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Geelong හීදි සිදුවූ මෝටර් රථ සොරකමක් වැළැක්වීමට යාමේදී එක් නිළධාරියෙකු මෝටර් රථයක ගැටී තවත් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමක් සිදුවී තිබෙනවා.

Read More »