දියර කිරි සැපයුම් ජාලයක හිමිකාරීත්වය ලබා ගැනීමට කෝල්ස් සුපිරි වෙළඳසැල් ජාලය ගෙන ඇති තීරණය සම්බන්ධ සිය ස්ථාවරය ලබන සතිය තුළදී ලබාදීමට පාරීභෝගික සේවා කොමිසම තීරණය කර තිබෙනවා.
ඒ අනුව එම ගිවිසුමට අනුමැතිය දීම, විරුද්ධ වීම හෝ අමතර කොන්දේසි පනවන්නේද යන තීරණය ලබන සැප්තැම්බර් 14 වන දින ලබාදීමට නියමිතයි.
මේ වන විටත් වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් හි පිහිටා ඇති කිරි සැපයුම් මධ්‍යස්ථාන දෙකක් ඩොලර් මිලියන 105 කට මුදලකට මිලදීගැනීමට කෝල්ස් සුපිරි වෙළඳ සැල් ජාලය සැලසුම් කර තිබෙනවා.
2011 වසරේ දී කෝල්ස් සුපිරි වෙළඳසැල්හි දියර කිරී ලීටරය ඩොලර් 01 ක මුදලකට අළෙවි වීම මගින් බොහෝ කිරි නිශ්පාදනවල පහත වැටීමක් සිදුවු බවට ගොවීන් චෝදනා නගනවා.
මෙම ගිවිසුම් සම්මත වන්නේ නම් ඉදිරියේ දී ද කිරී නිශ්පාදන වල මිල පහත වැටීමක් සිදු වන අතර සිය කර්මාන්තයට පාඩු සිදුවන බවයි ගොවීන් පවසන්නේ.
මේ අතර පාරිභෝගික සේවා කොමිෂන් සභාව සඳහන් කර ඇත්තේ මෙලෙස දියර කිරී සැපයුම් මධ්‍යස්ථාන එක් සුපිරි සැල් ජාලාවක් මගින් මිලදී ගැනීමෙන් නිශ්පාදන අංශයේ ව්‍යුහාත්මක වෙනසක් ඇති වන බවයි.
කෙසේ වෙතත් පොරිභෝගික කොමිෂන් සභාව විසින් යෝජිත ගිවිසුමට විරුද්ධ වනු ඇතැයි කිරි ගොවී සංගම් අපේක්ෂා කරනවා.