ක්වීන්ස්ලන්ඩ් කැමරා දෝෂ හේතුවෙන් රියදුරන් 2,000 කගේ රියදුරු බලපත්‍ර අනිසි ලෙස අත්හිටුවා ඇති බවට චෝදනා

ක්වීන්ස්ලන්ඩ් වේග සීමා කැමරා පද්ධතියේ දෝෂ හේතුවෙන් රියදුරන් 2,000 කට ආසාන්න පිරිසකගේ රියදුරු බලපත්‍ර අනිසි ලෙස අත්හිටුවා ඇති බවට චෝදනා එල්ල වනවා.

2021 නොවැම්බර් 01 වෙනිදා සිට මෙම වසරේ අගෝස්තු 31 දක්වා පුද්ගලයින් 1,842 කට වැරදි සහගත ලෙස නීතිය ක්‍රියාත්මක වී ඇති බව සඳහන්.

මේ වන විටත් රියදුරන් 626 දෙනෙකුගේ රියදුරු බලපත්‍ර අනිසි ලෙස අත්හිටුවා ඇති අතර විදේශිකයින් 43 දෙනෙකු ද ඊට ඇතුලත්.

රිය ධාවනයේ දී නිසි පරිදි ආසන පටි පැළද සිටීම සහ ජංගම දුරකථන භාවිත කරන්නේදැයි නිරීක්ෂණය සඳහායි මෙම කැමරා පද්ධතිය සවිකර ඇත්තේ.

එහි දෝෂ හේතුවෙන් අපහසුතාවයට පත් රියදුරන්ගෙන් ක්වීන්ස්ලන්ත ප්‍රවාහන අමාත්‍යවරයා සමාව අයැද සිටිනවා.

මේ වන විට වැරදි සහගත ලෙස අත්හිටුවා ඇති රියදුරු බලපත්‍ර 121 ක් ඉතා කඩිනමින් රියදුරන් වෙත යළි ලබාදීමට ද පියවර ගෙන තිබෙනවා.

තාක්ෂණික දෝෂ යළි සිදු නොවන ලෙස කැමරා පද්ධති යළි ප්‍රතිසංස්කරණය කිරීමටයි පියවර ඇත්තේ.

ඔස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකික සංගීතවේදිණියකට ජාත්‍යන්තරයේදී ලොකු ජයක්

ශ්‍රී ලංකික ගායන ශිල්පිණියක් මෙන්ම රංගන ශිල්පිණියක් වන වෛද්‍ය කාංචනමාලා රණසිංහ ගායනා කළ ගීතයක් ජාත්‍යන්තර සම්මාන උළෙලක අවසන් වටය සඳහා තෝරාගෙන තිබෙනවා.

Read More »

සති අන්තයට සූදානම් වන මෙල්බන් ජනතාවට කාලගුණයෙන් දැනුම්දීමක්

මෙල්බන් ඇතුලු ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර රැසකට පවතින දැඩි ශීත සහිත කාලගුණික තත්වය මෙම සති අන්තයේදී තවදුරටත් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා කාර්යාංශය පුරෝකථනය කරනවා.

Read More »

මතභේධයට ලක්වූ සිඩ්නි ගොඩනැගිල්ලට වෙන්න යන දේ

මතභේදාත්මක ලෙස අලෙවි කරනු ලැබූ සිඩ්නි හි ජනප්‍රිය සිරියස් (Sirius) නිවාස සංකීර්ණය නව පදිංචිකරුවන් සඳහා නැවත විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

Read More »