Search

Square ගෙවීම් පද්ධතියේ ඇණහිටීමක්

Square අන්තර් ජාල ගෙවීම් පද්ධතියේ ඇනහිටීමක් හේතුවෙන් එහි සේවා කටයුතු වලට බාධා මතුව තිබෙනවා.

මේ හේතුවෙන් ඩොලර් සිය ගණනක විකුණුම් මේ වන විට අහිමි වී ඇති අතර ජාත්‍යන්තර වෙළෙඳපලටද බාධා මතුව ඇති බවයි එහි පාලනාධිකාරිය මාධ්‍ය වෙත සදහන් කර ඇත්තේ.

දින තුනක් පුරා පද්ධතියේ පැවති දෝෂයන් මේ වන විට සමනය කිරීමට එහි තාක්ෂණික අංශ පියවර ගෙන තිබෙනවා.

කුඩා ව්‍යාපාර වල ප්‍රධාන ගෙවුම් ජාලයක් වන Square ගෙවුම් පද්ධතිය බිදවැටීම තම ව්‍යාපාර වලට දැඩි බලපෑම් එක්කල බවයි ව්‍යාපාරකයින් පෙන්වා දෙන්නේ.

පාරිභෝගිකයින්ගෙන් සියයට 80ක් පමණ ගණුදෙනු සදහා ගෙවුම් කාඩ්පත් භාවිත කරන අතර Square පද්ධතියේ වූ දෝෂ මත කාඩ්පත් මගින් නිසි පරිදි ව්‍යාපාර වෙත මුදල් නොලැබුණු බව ව්‍යාපාරිකයින් පවසනවා.

මේ හේතුවෙන් පාරිභෝගිකයින් හට මුදලින් මුදල් ගෙවීමට සිදු කරන ලෙස පැවසීම ගැටලු සහගත බවයි කුඩා ව්‍යාපාරිකයින් පවසන්නේ.

කෙසේ වෙතත් Square සමාගම පවසන්නේ සේවා පද්ධතිය නිසි පරිදි යාවත්කාලින කිරීම් මේ වන විට සිදුවෙමින් පවතින බවයි.

ඇමරිකාවේ අමානුෂික බව කියන සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානය

ඇමරිකා එක්සත් ජනපදයේ තාවකාලික කූඩාරම් සහිත රැඳවුම් මධ්‍යස්ථානයක අමානුෂික ලෙස සංක්‍රමණිකයින් සිය ගණනක් සිරකර සිටින බවට ඩිමොක්‍රටික් නීති සම්පාදකයින් චෝදනා කරනවා. 

Read More »

ප්‍රධාන ගුවන්තොටුපළක ආරක්ෂක පියවරක් ඉවත් කරයි

ඇමරිකාවේ ගුවන් තොටුපලවල ආරක්ෂක පරීක්ෂාවන් වලදී පාවහන් ඉවත් කර පරීක්ෂා කිරීමේ පියවර ඉවත් කර තිබෙනවා. වොෂින්ටනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එරට ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයම්

Read More »

ට්‍රම්ප් නිසා HIV රෝගීන් මිය යාමේ අවදානමක්

ගෝලීය HIV මර්ධනය සඳහා ඇමරිකාව අරමුදල් අත්හිටුවීම හේතුවෙන් 2029 වන විට HIV ආශ්‍රිත මරණ මිලියන ගනණකින් ඉහළ යන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවනවා. ඩොනල්ඩ්

Read More »

Plastic නිෂ්පාදන වල රසායනික ද්‍රව්‍ය 4,200ක් තහනම් කිරීමට ඉල්ලිමක්

Plastic නිෂ්පාදනයන් සදහා භාවිතා කරන මිනිස් ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය 4,200කට වැඩි ප්‍රමාණයක් තහනම් කළ යුතු බවට විද්‍යාඥයන් ඉල්ලිමක් සිදුකර තිබෙනවා. Nature සඟරාවේ පළ කරන

Read More »