Search

පොදුරාජ්‍ය ක්‍රීඩා උළෙල වසරකින් ප්‍රමාද වන ළකුණු

නව සත්කාරක රාජ්‍යයක් සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් 2026 වසරේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වසරකින් පමණ ප්‍රමාද වන ළකුණු පළවී තිබෙනවා.

නව සත්කාරක පාර්ශවයක් සොයා ගැනීම සඳහා ලබන වසරේ මුල් භාගය පමණ වනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා නව සත්කාරක රාජ්‍යයක් හෝ නගර කිහිපයක් සොයා ගැනීමට පොදු රාජ්‍ය මණ්ඩලීය බලධාරීන් මේ වන විට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් එම ක්‍රීඩා බලධාරීන් පෙන්වා දෙන්නේ ඔස්ට්‍රේලියාවේ අනෙක් ප්‍රධාන නගර වල ක්‍රිඩා උළෙල පැවැත්වීමට හැකියාව පවතින නමුත් ඒ සම්බන්ධ මෙතෙක් එකගතාවට පැමිණ නැති බවයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ පැවැත්වීමට තිබු මෙම තරග ඉසව් වික්ටෝරියානු රජය අවලංගු කිරීමත් සමගයි මෙම තත්වය උද්ගත වූයේ.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අවලංගුකිරීම හේතුවෙන් ඩොලර් මිලියන 360 ක වන්දි මුදලක් ලබා දීමට ද වික්ටෝරියානු බලධාරීන් තීරණය කරනු ලැබුවා.

කෙසේ වෙතත් මෙලෙස තරග අවලංගු කිරීම හා වන්දි ලබා දීම සම්බන්ධව ඔස්ට්‍රේලියානු සෙනෙට් කමිටු විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »