ඉන්දුනීසියාවත් ඔස්ට්‍රේලියා ගව ආනයන තහනම ඉවත් කරන ළකුණු

COW

ගවයින් ආනයනය සම්බන්ධව ඔස්ට්‍රේලියාවට පනවා තිබු තහනම ඉවත් කිරීම කෙරෙහි ඉන්දුනීසියානු රජයේ අවධානය යොමුවී තිබෙනවා.

ආනායනික ගවයින්ට වැළදී තිබු චර්ම රෝගයක් හේතුවෙන් ගවයින් ආනයනය අත්හිටුවීමට ඉන්දුනීසියානු බලධාරීන් පසුගිය ජූලි මස සිට පියවර ගෙන තිබුණා.

දෙරටෙහි නායකයින් අතර අති වූ ද්විපාර්ශවීය සාකච්ඡා වල ප්‍රතිඵලයක් අනුව එම තහනම ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

සත්ව ආනයනය සම්බන්ධව ඉන්දුනිසියාව විසින් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර තිබුණ අතර ඒ සෑම ඉල්ලිමක් සදහාම ඔස්ට්‍රේලියානු රජය එකගතාව පල කර තිබෙනවා.

ගවයින් ආශ්‍රිත සමෙහි රෝගයන්ගෙන් ඔස්ට්‍රේලියාව සම්පූර්ණයෙන්ම නිදහස් බව සහතික කර තිබීම විශේෂත්වයක්.

පසුගිය 2021 සහ 2022 වසර වල ඔස්ට්‍රේලියාවෙන් ඉන්දුනීසියාවට ආනයනය කර තිබු ගවයින්ගේ වටිනාකම ඩොලර් මිලියන 900 ක්.

මේ අතර මාස 03 කට පසු පසුගියදා මැලේසියානු රජයද ඔස්ට්‍රේලියානු ගවයින් ආනයනයට පනවා තිබු තහනම ඉවත් කර තිබුණා.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »