“චීන සංචාරයකට අගමැති ඇල්බනීස් ඉක්මන් නොවිය යුතුයි”

චීනයේ නිල සංචාරයක නිරතවිමට අගමැති ඇන්තනී ඇල්බනීස් ඉක්මන් නොවිය යුතු බව හිටපු අගමැති ස්කොට් මොරිසන් පවසනවා.

දකුණු පැසිෆික් සාගරයේ යුධ බලය වැඩි කර ගැනීම චීනයේ අරමුණ වී ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

ස්කොට් මොරිසන් පාලන සමයේදී ඔස්ටේ්‍රලියාව සහ චීනය අතර මතභේද වර්ධනය වී තිබුණා.

එය යථා තත්වයට පත් කර ගැනීමේ අරමුණ ඇතිව තමන් ඉදිරි මාස 02 ඇතුළත චිනයේ නිල සංචාරයකට එක්වන බවයි වත්මන් අගමැති ඇන්තනී ඇල්බනීස් ඊයේ සඳහන් කලේ.

චීනය සහ ඔස්ටේ්‍රලියාව අතර වෙළඳ යුද්ධය මෙමගින් අවසන් වනු ඇති බවටද විචාරකයන් අනාවැකි පළකර තිබුණා.

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »