Search

ටස්මේනියා හි විශාලතම aged care ජාලය $ මිලියන 07 ක් අඩුවෙන් වැටුප් ගෙවා ඇතැයි හෙළිවෙයි

ටස්මේනියා හි විශාලතම aged care ජාලය වන Southern Cross Care Tasmania විසින් වසර 07 කට ආසන්න කාලයක් පුරා සේවකයන්ට අඩුවෙන් වැටුප් ගෙවා ඇති බවට හෙළිකරගෙන තිබෙනවා.

2015-2022 කාලයේදී සේවකයන් 1,700 කට ආසන්න පිරිසකට ඩොලර් මිලියන 6.9 ක මුදලක් මෙලෙස හිග වැටුප් ලෙස ගෙවීමට නියමිතව ඇති බවටයි අනාවරණය කරගෙන ඇත්තේ.

සිය වැටුප් ගෙවීම් පද්ධතියේ දෝෂයක් මීට හේතුවී තිබූ බවත් අර්ධ කාලීන සේවකයන්ට අතිකාල ගෙවීම් නිසි පරිදි සිදු නොවීම වැඩිම වාර ගණනක් සිදුවී ඇති දෝෂය බවටත් හඳුනාගෙන තිබෙනවා.

එක් සේවකයෙකුට ලැබීමට නියමිත හිග වැටුප ඩොලර් 220,000 ක් වන අතර, සේවකයන් 06 දෙනෙකුට ඩොලර් 100,000 ක් බැගින් ගෙවීමට නියමිතව පවතිනවා.

බහුතරයක් සේවකයන්ට ලැබීමට නියමිත වන්නේ ඩොලර් 4,000 කට ආසන්න හිග මුදලක් බවද සඳහන්.

නිවේදනයක් නිකුත් කරන Southern Cross Care Tasmania පවසන්නේ ඇතැම් සේවකයන්ට මේ වනවිටත් හිග වැටුප් ගෙවා අවසන් කර ඇති බවයි.

ප්‍රමුඛ පෙලේ ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල කිහිපයක පාඨාමාලා ගාස්තුවල වෙනසක්

2025 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙලේ විශ්ව විද්‍යාල කිහිපයකම ජාත්‍යන්තර සිසුන්ගේ පාඨමාලා ගාස්තු වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »