Search

ඔස්ට්‍රේලියාවේ හිටපු විදේශ ඇමතිනි මරීස් පේන් දේශපාලනයෙන් වීශ්‍රාම ගනී

ඔස්ට්‍රේලියාවේ හිටපු විදේශ ඇමතිනියක වන මරීස් පේන් දේශපාලන දිවියෙන් වීශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.

වසර 26 කට ආසන්න කාලයක් ඇය ෆෙඩරල් දේශපාලනයෙහි නිරත වී තිබුණා.

1997 දී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය නියෝජනය කරමිනුයි ඇය පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ.

ලිබරල් පක්ෂයේ සිටින ජ්‍යෙෂ්ඨතම දේශපාලන චරිතයක් ලෙස සැළකෙන මරීස් පේන් කාන්තා – ආරක්ෂක – විදේශ සහ සමාජ සේවා යන තනතුරු හොබවනු ලැබුවා.

ලබන සැප්තැම්බර් 30 වනදා සිට සිය විශ්‍රාම ගැනීම බලාත්මක වන බවයි ඇය අද නිකුත් කර ඇති නිවේද්නයක සඳහන් වන්නේ.