දැඩි සුළං නිසා NSW – VIC ප්‍රාන්තවලට බලපෑම් / සිඩ්නි ගුවන් ගමන් රැසකට බාධා

අයහපත් කාළගුණය හේතුවෙන් සිඩ්නි ගුවන් තොටුපළේ අභ්‍යන්තර ගුවන් ගමන් රැසක් අවලංගු කර හෝ ප්‍රමාද කර තිබෙනවා.

අධික සුළං තත්වය ප්‍රධාන වශනේම බලපා තිබීම මීට හේතුවයි.

ගුවන් තොටුපළට පැමිණීමට පෙර අදාළ ගුවන් සේවයෙන් තහවුරු කරගැනීම් සිදුකර ගන්නා ලෙසටයි ගුවන් මගීන්ගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.

මේ අතර දැඩි සුළං තත්වය හමුවේ වික්ටෝරියා ප්‍රාන්තයටද සැළකිය යුතු බලපෑමක් එල්ල වි තිබෙනවා.

මෙල්බන් උතුර – බටහිර – නාගරික කලාපය මෙන්ම ගිප්ස්ලන්ඩ් ප්‍රදේශවල නිවාස ගණනාවකට එමගින් හානි සිදුවී ඇති බවයි ආපදා සහන අංශ සඳහන් කලේ.

ටස්මේනියා සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තවලටද දැඩි සුළං අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »