ශ්‍රී ලංකාවෙන් යොමුකල ඔස්ට්‍රේලියා Student වීසා අයදුම්පත් රැසක් ප්‍රතික්ෂේපයි

2023 ජූලි මාසයෙන් ආරම්භ වුණු විශ්ව විද්‍යාල අධ්‍යන වාරය සඳහා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සිසුන් යොමු කළ නව ශිෂ්‍ය වීසා අයදුම්පත් විශාල සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප වී ඇති බවට වාර්තා වනවා.

2023 පෙබරවාරි මාසයෙන් ආරම්භ වු විශ්ව විද්‍යාල අධ්‍යන වාරය සමග සංසන්දනය කිරීමේදී මෙම ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වීම සැලකිය යුතු ලෙස ඉහළ ප්‍රතිශතයක් ගෙන ඇති බවයි වීසා උපදේශකයන් අවධාරණය කරන්නේ.

විශේෂයෙන් ජුනි මස අග භාගයේදී යොමු කළ ශිෂ්‍ය වීසා අයදුම්පත් වැඩි සංඛ්‍යාවක් මෙලෙස ප්‍රතික්ෂේප වී තිබෙනවා.

තමන් තෝරාගන්නා පාඨමාලාව අනාගතයේදී තමන් ප්‍රයෝජනයට ගන්නේ කෙසේද යන්න පිළිබඳ අදාළ ශිෂ්‍ය වීසා අයදුම්කරුවන් නිසි අයුරින් පැහැදිලි කර නොමැති බවට අදාළ වීසා බලධාරීන් දන්වා ඇති බව සඳහන්.

නිවැරදි අන්දමින් ශිෂ්‍ය වීසා අයදුම්පත්‍රය යොමු කළ යුතු බව ද වීසා උපදේශකයන් ජාත්‍යන්තර සිසුන්ට සිහිපත් කර සිටිනවා.

SOURCE / CREDIT – SBS SINHALA

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »