කැළෑ බළලුන්ගේ පහරදීම්වලින් දිනකට ඔස්ට්‍රේලියාවේදී සතුන් ලක්ෂ 60 ක් මරුට

කැළෑ බළලූන්ගේන් ස්වදේශික සතුන්ට සිදුවන තර්ජනය අවම කිරීමේ අරමුණින් කැළෑ බළලූන් ගහනය මර්දනය කිරීම සඳහා ෆෙඩරල් රජය විසින් යෝජනාවලියක් සකස් කර තිබෙනවා.

මේ සම්බන්ධව ජනතා අදහස් විමසීමට ද පියවර ගෙන ඇති අතර ලබන දෙසැම්බර් මස තෙක් ජනතා අදහස් ලබාගැනීමට නියමිතයි.

සෑම වසරකම කැළෑ බළලූන් විසින් පක්ෂීන්, උරගයන්, කෘමීන් සහ ක්ෂිරපායි සතුන් බිලියන 02 ක් පමණ මරණයට පත් කරන බවයි වාර්තා වන්නේ.

එනම් සෑම දිනකම මියයන සතුන් සංඛ්‍යාව ලක්ෂ 60 ක් පමණ වන බවටයි තක්සේරු කර ඇත්තේ.

මෙමගින් ඔස්ට්‍රේලියා ආර්ථිකයට වසරකට සිදුවන හානිය ඩොලර් බිලියන 19 කට ආසන්න බවට ගණන් බලා තිබෙනවා.

පරිසර දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු කර ඇත්තේ මිලියන 1.4 ත් 5.6 ත් අතර කැළෑ බළලූන් සංඛ්‍යාවක් ඔස්ට්‍රේලියාව තුළ වාසය කරන බවයි.

ඔවුන් පාලනය සදහා කඩිනමින් ක්‍රියාතමක නොවන්නේ නම් දේශීය සතුන් වඳවීයෑමේ අවධානමක් මතුවන බවයි පරිසර අමාත්‍ය ටන්‍යා ඡකසඉැරිැන සදහන් කළේ.

දේශිය සතුන් සදහා තර්ජනයක් නොවන ආකාරයේ මර්ධන ක්‍රම සදහා යොජනා ඉදිරිපත් ව තිබෙනවා.

SOURCES :

https://www.abc.net.au/news/2023-09-07/federal-government-declares-war-on-feral-cats-new-action-plan/102825496

https://www.9news.com.au/national/feral-cat-government-action-plan-launched-against-pests/83a5da5e-194b-415a-b89c-16593c19e4fd

මෙල්බන් කැළඹූ ගින්න ගැන වෙනස්ම කතාවක්

මෙල්බන් ඩෙරිමට් (Derrimut) ප්‍රදේශයේ දැවැන්ත කර්මාන්ත ශාලාවේ ගින්න වඩාත් දරුණු වීමට හේතුව ගිනි නිවන උපකරණවල අසාර්ථකත්වය බව ගිනි නිවීම් කාර්ය මණ්ඩලය පවසනවා.

Read More »

ශ්‍රී ලාංකිකයන්ට වෙනස් අත්දැකීමක් දෙන්න 𝐌𝐑. 𝐏𝐑𝐄𝐒𝐈𝐃𝐄𝐍𝐓 මෙල්බන්වලට

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විවිධ ප්‍රාසාංගික ඉසව් සිය ගණනක් අතුරින් මෙල්බන් සිටින ශ්‍රී ලාංකිකයන්ට වෙනස්ම අත්දැකීමක් ලබා ගත හැකි වේදිකා නාට්‍යයක් නැරඹීමේ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

කොකේන් භාවිත කර රිය පදවන්නන්ට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක නීති තද වෙයි

ලබන වසරේ සිට රියදුරන් සඳහා සිදුකරන අහඹු මාර්ග පරීක්ෂාවලදී කොකේන් භාවිත කර ඇති දැයි පරීක්ෂා කිරීමටද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පොලිසිය සැළසුම් කර තිබෙනවා.

Read More »

ඉන්දියාවට එරෙහි තරගාවලියේ ශ්‍රී ලංකා නායකත්වය චරිත් අසලංකට

ඉන්දීය කණ්ඩායමට එරෙහි එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට චරිත් අසලංක නම් කර තිබෙනවා.

Read More »