වැටුප් නොගෙවූ නැවට එරෙහිව Fair work ඔම්බුඩ්ස්මන් විසින්ද විමර්ශනයක්

කාර්ය මණ්ඩලයට නිසි පරිදි වැටුප් නොගෙවීම සම්බන්ධ චෝදනා මත ඔස්ට්‍රේලියාවට ඔබ්බෙන් වන මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී නෞකාවක් වන MS Caledonian Sky සම්බන්ධයෙන් Fair work ඔම්බුඩ්ස්මන් කාර්යාලය විසින්ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ ෆෙඩරල් අධිකරණයක් හමුවේ විභාග වන නඩු කටයුත්තට අමතරවයි.

මාස හයක කාලයක් තුළ කාර්ය මණ්ඩලය සදහා ගිවිසුම් ගත වැටුප නොගෙවු බවට ජාත්‍යන්තර ගමනාගමන සංගමයක් විසින් Fair work ඔම්බුඩ්ස්මන්වරයා වෙත පැමිණිලි කර තිබෙනවා.

කෙසේ වෙතත් එම චෝදනාව නෞකා බලධාරීන් විසින් ප්‍රතික්ශේප කර ඇති බව සඳහන්.

MS Caledonian Sky නෞකාව මේ වන විට බෲම් වරායේ සිට නාවික සැතපුම් 12 ක් එපිටින් නැංගුරම් ලා තිබෙනවා.

නීතිමය කටයුතු අවසන් වන තෙක් අවශ්‍ය නම් නෞකාවේ කාර්ය මණ්ඩලයට දින භාගයක නිවාඩුවට ගොඩබිමට පැමිණිමට අවස්ථාව හිමිව තිබෙනවා.

නෞකාව සම්බන්ධව කඩිනමින් මෙම විමර්ශණ අවසන් කිරීමට නියමිත අතර මෙම වසර අවසානයේ MS Caledonian Sky නෞකාව වෙනත් සමාගමකට විකිනිමට ද නියමිතයි.

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »