උද්ධමනය නැවතත් ඉහළ යා හැකි බවට විශ්‍රාම යන ප්‍රධානීගෙන් රතු එළි

ඉදිරියේදී උද්ධමනය නැවතත් ඉහළ යා හැකි බවට ධුරයෙන් විශ්‍රාම යන ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධානී ආචාර්ය ෆිලිප් ලෝ පවසනවා.

තනතුරේ සිටිමින් සිදුකල අවසාන කථාව අද දිනයේදී සිදුකරමිනුයි ඔහු මේ බව සඳහන් කලේ.

කෙසේවෙතත් නියමිත ආකාරයෙන් ආර්ථික ප්‍රතිපත්ති මෙහෙයවනු ලැබුවහොත් ඔස්ට්‍රේලියානුවන්ට අවම බලපෑමක් සිදුවන පරිදි ආර්ථිකය හසුරුවාගත හැකි වනු ඇති බවද ආචාර්ය ෆිලිප් ලෝ කියාසිටියා.

සිය පාලන සමයේදී ගනු ලැබූ ඇතැම් තීරණ සහ සිදුකල ඇතැම් ප්‍රකාශවල වැරදි සහගත ස්ථාන තිබූ බවත් ඔහු මෙහිදී පිළිගනු ලැබුවා.

මේ අතර ඇතැම් පාර්ශව විසින් තමන්ට එල්ලකරන පදනම් විරහිත චෝදනා පිළිබඳ කණගාටුවට පත්වන බවත් ආචාර්ය ෆිලිප් ලෝ අවධාරණය කලා.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »