
ඉදිරි මාස 02 තුළදී තමන් චීනයේ නිල සංචාරයක නිරත වන බව අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.
වසර 07 කට පසු ඔස්ටේ්‍රලියා අගමැතිවරයෙකු එරට නිල සංචාරයක නිරත වන පළමු අවස්ථාව බවට මෙය පත්වනු ඇති.
චීන ජනාධිපති ෂී ජිංපින් සමග සාකච්ඡා පැවැත්වීම සිය සංචාරයේ මූලික අරමුණ බවයි අගමැති ඇල්බනීස් කියාසිටියේ.

පසුගිය වසර කිහිපය තුළ දෙරට අතර තරමක මතභේදාත්මත තත්වයක් පැවති අතර එහි වැඩිම බලපෑම එල්ලවූයේ වෙළඳ ක්ෂේත්‍රයටයි.
ඒ රටවල් දෙකම එකිනෙකාගේ අපනයන් සඳහා වෙළඳ හා තීරු බදු පැණවීමත් සමගයි.

අගමැති ඇල්බනීස් ගේ චීන සංචාරයෙන් පසු මෙම වෙළඳ යුද්ධය නිමාවට පත්වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.