සියලුම ක්‍රෙඩිට් කාඩ් පොළී සියයට 0.25 කට වැඩි අගයකින් ඉහළ දැමීමට ANZ බැංකුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව එක් එක් කාඩ් වර්ගය මත පදනම්ව සියයට 13.74 සිට සියයට 20.49 දක්වා අගයන් දක්වා ක්‍රෙඩිට් කාඩ් පොළී අනුපාතිකයන් ඉහළ යනු ඇති.
- Low Rate: +1.25% to 13.74% (Annual fee: $0 for 1 year then $58)
- First: +0.25% to 20.49% (Annual fee: $0 for 1 year then $30)
- Platinum: +0.25% to 20.49% (Annual fee: $0 for 1 year then $87, or free if spend +$20K yearly)
- Rewards Platinum: +0.25% to 20.49% (Annual fee: $95 — increasing to $149 on November 8)
- Frequent Flyer Platinum: +0.25% to 20.49% (Annual fee: $425)
- Rewards Black: +0.25% to 20.49% (Annual fee: $375)
- Frequent Flyer Black: +0.25% to 20.49% (Annual fee: $425)
මේ අතර තවත් සේවකයන් 222 දෙනෙකුගේ රැකියා කප්පාදු කිරීමට NAB බැංකුව තීරණය කර තිබෙනවා.
මෙරට දෙවන විශාලතම බැංකුව වන NAB විසින් දින 10 ක් තුළ නිවේදනය කල දෙවන රැකියා කප්පාදුව මෙයයි.
ණය අංශය – තාක්ෂණ සේවා වැනි අංශවල පිරිසක් මෙලෙස සේවයෙන් ඉවත් කිරීමට නියමිතයි.
අළෙවි අංශයේ සමස්ථ රැකියා 600 න් සියයට 10 ක් හෙවත් රැකියා 60 ක් කපා හරින බව NAB බැංකුව විසින් නිවේදනය කලේ පසුගිය සතියේදීයි.