ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ක්‍රිකට් ඉතිහාසය අලුත් කරයි

ඉතිහාසයේ පළමු වරට එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව 20/20 තරගාවලි ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

ඒ, ඊයේ පැවති 03 වන 20/20 තරගය කඩුලූ 07 කින් ජයගනිමිනුයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පන්දුවාර 19 ක් තුළ සියලූ ක්‍රීඩිකාවන් දැවී ලබාගත්තේ ළකුණු 116 ක් පමණයි.

පන්දු යැවීමේදී චමරි අතපත්තු කඩුලූ 03 ක් බිඳ හෙළීමට සමත් වූවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් පන්දුවාර 17 ක් අවසානයේ කඩුලූ 03 ක් පමණක් දැවී සිය ජයග්‍රහණය වාර්තා කළා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් චමරි අතපත්තු ලකුණු 44 ක් ලබා ගැනීමට සමත් වුණා.