ඩුබායි හිදි ලාංකිකයකුට රුපියල් කෝටි 175 ක් ඇදෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයකු ඩිරාම් මිලියන 20 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 175 ක් පමණ)ක ලොතරැයි ජයග්‍රහණයකට හිමිකම් කීමට වාසනාවන්ත වී ඇත .

තුරෙයිලිංගම් ප්‍රභාගර් නැමැති මෙම ශ්‍රී ලාංකිකයා අබුඩාබි බිග් ටිකට් ලොතරැයියේ පළමු ත්‍යාගයට හිමිකම් කියා ඇති අතර එම ටිකට් පතේ දෙවැනි ත්‍යාගයට ඉන්දියානු ජාතිකයකු වූ සෙල්වරාජ් තන්ගායාන් හිමිකම් කියා තිබේ.

තුරෙයිලිංගම් මීට වසර 16කට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සංක්‍රමණය වී ඇති අතර අබුඩාබි බිග් ටිකට් ලොතරැයිය ක්‍රියාත්මක කළ ප්‍රවර්ධන වැඩසටහනකදී තුරෙයිලිංගම් මහතා ජයග්‍රාහී ටිකට් පත මිලදී ගෙන ඇත.

තමන් ලද මෙම ලොතරැයි දිනුම හේතුවෙන් අනාගතයේ ගොඩක් වෙනස්කම් සිදුවෙනු ඇති බවත් සුබ පණිවිඩය ලැබූ අවස්ථාවේ ඇති වූ කම්පනය තවමත් තිබෙන බවත් තුරෙයිලිංගම් පවසා තිබේ.

එසේම අවුරුදු 5 ක කාලයක සිට මිත්‍රයන් සමඟ එකතු වී බිග් ටිකට් ලොතරැයිය ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන් මිලදී ගත් බවද තුරෙයිලිංගම් ප්‍රකාශ කර ඇත.

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »