වික්ටෝරියා ප්‍රාන්තය සඳහා මෙවර Hay fever වකවානුව කලින් උදාවනු ඇති බවට අනාවැකි පළවනවා.
වසන්ත සමය උදාවීමත් සමග Hay fever වකවානුවද උදාවන අතර මෙවර ශීත සෘතුව ඉක්මණින් අවසන්වීම භට හේතුවයි.
කෙසේවෙතත් පසුගිය වසරවලට වඩා මෙවර එහි දරුණුභාවය අඩු අගයක් ගනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.
විවිධ අසාත්මිකතා සහිත පුද්ගලයන් මෙන්ම ඇදුම රෝගීන් මෙහිදී වැඩිම අවධානයක් යොමු කල යුතු පිරිස් ලෙසටයි සැළකෙන්නේ.
ඔස්ටේ්‍රලියානුවන් අතුරින් 1/5 ක් අසාත්මිකතාවයන්ටද සෑම 09 දෙනෙකුගෙන් අයෙකු ඇදුම රෝගී තත්වයටද ගොදුරුවී සිටින බවයි පැවසෙන්නේ.
මින් අති බහුතරයක් වික්ටෝරියා ප්‍රාන්තවාසීන් බවටද හඳුනාගෙන තිබෙනවා.
පඳුරු – මල්වල පරාග හා රේණු ආඝ්‍රාණය හැකිතාක් මග හැරීම / එළිමහනේ ගත කිරීම අවම කිරීම වැනි දෑ මගින් Hay fever අවධානම අඩු කරගත හැකියි.