Search

ජනමත විචාරණ තැපැල් ඡන්ද අයදුම්පත් නිවාස වෙත යොමු කිරීම ඇරඹෙයි

ස්වදේශික හඩ ජනමත විචාරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් නිවාස වෙත යොමු කිරීම ආරම්භ කර තිබෙනවා.

කෙසේවෙතත් මෙලෙස යොමු කර ඇත්තේ ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම විසින් යොමු කරන අයදුම්පත් නොවීමද විශේෂත්වයක්.

දේශපාලන පක්ෂ සහ වෙනත් කණ්ඩායම් විසින් යොමු කර ඇති තැපැල් ඡන්ද අයදුම්පත් මෙලෙස නිවාස වෙත ලැබී ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියානු නීතියට අනුව එවැනි අයදුම්පත් වලංගු ලෙස පිළිගැණුනද මැතිවරණ කොමිසම ඉල්ලා සිටින්නේ සිය නිල වෙබ් අඩවියට පිවිස තැපැල් ඡන්ද සඳහා අයදුම් කරන ලෙසයි.

ජනමත විචාරණය පැවැත්වෙන ඔක්තෝබර් 14 වනදාට සති 02 පෙර තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අවසන් වනවා.

සළකුණු කරන ලද තැපැල් ඡන්ද අයදුම්පත් එවිය යුතු අවසාන දිනය වන්නේ ඔක්තෝබර් 11 වනදායි.

Auslankatv Today’s Top Stories.2024.10.07

ඇඩිලේඩ්වල $ ලක්ෂ 6කට වැඩි වැටුපක රැකියාවකට සුදුස්සෙකු සොයයි සිඩ්නිහිදී මිතුරාගේ වාහනයේ ගැටී ජාත්‍යන්තර සිසුවෙක් ජීවිතක්ෂයට පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

Read More »

ඇඩිලේඩ්වලින් බාලි දක්වා ගිය ගුවන් යානයක් හදිසි ගොඩබැස්විමක

ඇඩිලේඩ් සිට බාලිහි ඩෙන්පසාර් දක්වා පියාසර කරමින් තිබූ ජෙට්සාර් ගුවන් යානයක වැසිකිළි ගැටළුවක් හේතුවෙන් නැවත ගොඩබස්වා තිබෙනවා.

Read More »

වේගයෙන් යන්න ගිය මෙල්බන් තරුණයෙකුට කාර් එකත් නැති වෙයි

මෙල්බන් තදාසන්න ප්‍රදේශයක පැයට කිලෝමීටර 50ක වේග සීමා කලාපයකදී පැයට කිලෝමීටර 120කට වඩා වැඩි වේගයකින් ගමන් කිරීමේ චෝදනා එල්ල වූ තරුණයෙකුගේ රියදුරු බලපත්‍රය අත්හිටුවා තිබෙනවා.

Read More »

පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

මෙල්බන්හි රදගුරු මයිකොලා බයිචොක් (Mykola Bychok) ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පත් කරනු ලබන නව කාදිනල්වරුන් 21 දෙනාගෙන් කෙනෙකු ලෙස තෝරාගෙන තිබෙනවා.

Read More »