ගතවූ මාස 12 ක කාලය තුළ කෙටි කාලීන නිවාස කුළී වැඩිම ඉහළයාමක් සටහන් කල ප්‍රාන්තය බවට ACT පත්වී තිබෙනවා.
මාර්තු මාසයෙන් අවසන් වූ වසර තුළ එහි Airbnb වැනි කෙටි කාලීන නවාතැන් ගාස්තු සියයට 66 කින් වැඩිවී ඇති බව සඳහන්.
ඇතැම් ප්‍රදේශවල කුළී ගාස්තු සියයට 100 ඉක්මවා ඇති බවත් ඉහළම ගාස්තු වැඩිවීම ලෙස සියයට 145.8 ක ප්‍රතිශතයක් සටහන්ව ඇති බවත් තහවුරු කරගෙන තිබෙනවා.
නිවාස කුළී සඳහා ඉහළම වැඩිකිරීම් ප්‍රතිශත සීමාවක් පණවා ඇති එකම ප්‍රාන්තය වන්නේද ACT පමණක් වීම විශේෂත්වයක්.
Air bnb නවාතැන් සඳහා මෙල්බන් නාගරික කවුන්සිලය විසින්ද නව නීති පැණවිමට සූදානම් වනවා.