Search

වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත කිහිපයකට නැවතත් ශීතාධික කාළගුණයක්

වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත කිහිපයකට ඉදිරි දින කිහිපයේදී නැවතත් ශීතාධික කාළගුණයක් ඇතිවිය හැකි බවට අනාවැකි පළවනවා.

දකුණු ඔස්ට්‍රේලියා – වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවලට ධාරාණිපාත වැසි / කුණාටු / සුලු හිමපතනයන් සහ ඇතැම්විට අයිස් වැසි පවා ඇතිවිය හැකි බවටයි කාළගුණ අංශ පුරෝකථනය කර ඇත්තේ.

මෙම ප්‍රාන්ත 03 ට අදාළ දිනවලදී සෙල්සියස් අංශක 13 ත් 18 ත් අතර උෂ්ණත්වයක් පවතිනු ඇති.

දැඩි සුළං සහ කුණාටු අවස්ථාවලදී අවධානයෙන් පසුවන ලෙසටද ඉල්ලීමක් කෙරෙනවා.

මෙම තත්වය ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයටද බලපෑ හැකි බවටද අනාවැකි පළවනවා.