Update : සචිත්‍ර සේනානායක රක්ෂිත බන්ධනාගාරයට

තරග පාවා දීමට යෝජනා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ලබන 15 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කළේය.

අද (06) පෙරවරුවේ ක්‍රීඩා දූෂණ විමර්ශන අංශයට ඉදිරිපත් වීමෙන් අනතුරුව එම අංශයේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

ඉන් අනතුරුව සචිත්‍ර සේනානායක අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

සචිත්‍ර සේනානායකට කළ දැනුම් කිහිපයකට පසු ඔහු නීතිඥයන් සමග අද පෙරවරුවේ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි එම ඒකකය පැමිණි බව සඳහන්.

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට පසුගියදා විදෙස් ගමන් තහනමක් ද පණවනු ලැබුවා.

ඒ තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට සිදුකරන විමර්ශනවලට අදාළව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසිනුයි මෙම තහනම් නියෝගය නිකුත් කර ඇත්තේ.

2020 වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් පළමු අදියරේදී ක්‍රීඩකයින් දෙදෙනෙකු වෙත ඩුබායි සිට දුරකථන මාර්ගයෙන් තරග පාවාදීමට පෙළඹවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත දන්වා තිබුනා.

ඒ අනුව ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොනුකිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත උපදෙස් කිහිපයක් ලබා දී ඇති බවද වාර්තා වනවා.

භූ කම්පන 80කට වැඩි ප්‍රමාණයකින් තායිවානය සෙළවෙයි

පසුගියදා ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ තායිවානයේ අද උදෑසන තවත් භූ කම්පන මාලාවක් සිදුවී තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »