මුදලට තරග පාවාදීමේ යෝජනාවක් මත චෝදනා එල්ල වී සිටින ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ක්‍රීඩා දූෂණ වැලැක්වීමේ පොලිස් ඒකකයට භාර වී තිබෙනවා.
අනතුරුව ඔහු අලූත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව එම පොලිස් ඒකකය කියාසිටියා.
සචිත්‍ර සේනානායකට කළ දැනුම් කිහිපයකට පසු ඔහු නීතිඥයන් සමග අද පෙරවරුවේ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි එම ඒකකය පැමිණි බව සඳහන්.
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට පසුගියදා විදෙස් ගමන් තහනමක් ද පණවනු ලැබුවා.
ඒ තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට සිදුකරන විමර්ශනවලට අදාළව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසිනුයි මෙම තහනම් නියෝගය නිකුත් කර ඇත්තේ.
2020 වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් පළමු අදියරේදී ක්‍රීඩකයින් දෙදෙනෙකු වෙත ඩුබායි සිට දුරකථන මාර්ගයෙන් තරග පාවාදීමට පෙළඹවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත දන්වා තිබුනා.
ඒ අනුව ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොනුකිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත උපදෙස් කිහිපයක් ලබා දී ඇති බවද වාර්තා වනවා.