![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/ezgif.com-animated-gif-maker-1-1.gif.pagespeed.ce.ljsE89I-Il.gif)
ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපළ දක්වා සිදුකරන ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කරන්නැයි කටාර් ගුවන් සේවය කල ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නොමැති බව ලේබර් පක්ෂ රජය අවධාරණය කරනවා.
ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් ගණනාවක් පෙන්වා දී ඇත්තේ අදාළ තීරණය නිසි කරුණු විමසා බැලීමකින් පසුව ගනු ලැබූ බැවින් එය ආපසු හැරවීමට කිසිදු පියවරක් ගතයුතු නොමැති බවයි.
මෙම සිද්ධියට අදාළව පාර්ලිමේන්තු සෙනෙට් කමිටුවක් හරහා විමර්ශනයක් පැවැත්වීමට නියමිතව ඇති පසුබිමකදීයි ඔවුන් මෙම අදහස් පළකර සිටින්නේ.
![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/MPOnaro.gif.pagespeed.ce.SNY-DfnGMw.gif)
විපක්ෂය මෙන්ම සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ පාර්ශව ගණනාවක්ද සඳහන් කරන්නේ ගුවන් ගාස්තු අඩු කර ගැනීමට කටාර් ගුවන් සේවයට අමතර ගුවන් වාර ලබාදිය යුතු බවයි.
මේ අතර ක්වන්ටාස් ගුවන් සේවයේ නව ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස වැනේසා හඩ්සන් අද රාජකාරි ආරම්භ කරනු ලැබුවා.
![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/ezgif.com-animated-gif-maker-2.gif.pagespeed.ce.RF0Nn_tvKA.gif)