ඔස්ට්‍රේලියානු ඩොලරයක වටිනාකම අමෙරිකානු ඩොලර් ශත 63 ක් දක්වා පහළ ගොස් තිබෙනවා.
එය මාස 10 කට පසු සටහන් වූ පහළම අගය බවයි වෙළඳපොළ වාර්තාවල දැක්වෙන්නේ.
ලෝක වෙළඳපොළේ ඉන්ධන මිළ – චීන සහ අමෙරිකානු ආර්ථිකවල බලපෑම මීට ප්‍රධාන හේතුවයි.
ආර්ථික විශ්ලේෂකයන්ට අනුව මෙම තත්වය ඉදිරියේදී තවත් පහළ යනු ඇති බවට ද අනතුරු ඇගවෙනවා.
ඒ අනුව ඇතැම්විට ඔස්ට්‍රේලියානු ඩොලරයක වටිනාකම අමෙරිකානු ඩොලර් ශත 50 ක් පමණ දක්වා වුවද පහළ යා හැකි බවටයි පුරෝකථනය කර ඇත්තේ.