ඔස්ට්‍රේලියා ඉන්ධන මිළ නැවතත් ඉහළට – ඉන්ධන බදු සහනය යලිත් ?

ඉදිරි දිනවලදී ඔස්ට්‍රේලියාව තුළ ඉන්ධන මිළ ගණන් නැවතත් ඉහළ යනු ඇති බවට අනාවැකි පළවනවා.

මෙම වසර අවසානය වන තෙක් සැපයුම් කප්පාදු කරන බවට ඔපෙක් සංවිධානයේ ප්‍රධාන රටක් වන සවුදි අරාබිය විසින් ඊයේ නිවේදනය කර තිබීම ඊට හේතුවයි.

දෙසැම්බර් මාසය අවසානය තෙක් දිනකට ඉන්ධන බැරල් මිලියනයක් බැගින් නිෂ්පාදනය කපා හරින බවයි සවුදි අරාබිය සඳහන් කලේ.

දැනට මෙරට ඉහළම ඉන්ධන මිළ බ්‍රිස්බන් නගරයෙන් වාර්තා වන්නේ පෙට්‍රල් ලීටරයක් ඩොලර් 02 යි ශත 12 ක් ලෙසයි.

ඇඩිලේඩ් හි ලීටරයක් ඩොලර් 02 යි ශත 07 ක් ලෙස පවතිනවා.

මෙල්බන් – සිඩ්නි – ඩාර්වින් සහ පර්ත් නගරවල පෙට්‍රල් ලීටරයක සාමාන්‍ය මිල ඩොලර් 02 කට අඩුවෙන් පවතින නමුත් ඉදිරියේදී එය ඉහළ යනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

මේ අතර ස්කොට් මොරිසන් පාලන සමයේ අවසාන කාලයේ හඳුන්වා දුන් ඉන්ධන බදු සහනය නැවත ක්‍රියාත්මක කරන්නැයිද ඉල්ලීමක් ඉදිරිපත් වී තිබෙනවා.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »