ඔස්ට්‍රේලියාවේ වැඩිම වැටුප් ලබන ගුරුවරුන් සිටින ප්‍රාන්තය බවට NSW පත්වන ළකුණු

ඔස්ට්‍රේලියාවේ වැඩිම වැටුප් ලබන ගුරුවරුන් සිටින ප්‍රාන්තය බවට නිවු සවුත් වේල්ස් පත්වන ළකුණු පළවී තිබෙනවා.

ඒ ප්‍රාන්ත රජය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවකට අනුව වාර්ෂික වැටුප ඩොලර් 10,000 කින් පමණ ඉහළ යාමට නියමිතවීමත් සමගයි.

මේ අනුව නිවු සවුත් වේල්ස් හි ජ්‍යෙෂ්ඨතම ගුරුවරයෙකුගේ සාමාන්‍ය වාර්ෂික වැටුප ඩොලර් 122,100 ක් පමණ දක්වා වැඩිවනු ඇති.

ප්‍රාන්ත ගුරු සංගම් විසින් ලබන සෙනසුරාදා දිනයේදී මීට අදාළව ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතයි.

බොහෝ දුරට එම යෝජනාව බහුතර ඡන්දයෙන් එහිදී සම්මත වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

එසේ වුවහොත් ජ්‍යෙෂ්ඨ ගුරුවරුන්ට අමතරව උපාධිධාරී ගුරුවරුන් සහ ගුරු උපදේශකයන් සඳහාද අදාළ වැටුප් පරිමාණ යටතේ වැටුප් ඉහළයාමට නියමිතයි.

1990 දශකයෙන් පසු නිවු සවුත් වේල්ස් ගුරුවරුන්ට හිමිවන ඉහළම වැටුප් වැඩිවීමද මෙය වනු ඇති.

දෙන්නෙක් අරගෙන දෙන්නෙක් තෑගි දෙන්න චීන අගමැතිගෙන් පොරොන්දුවක්

ඇඩිලේඩ් සත්වෝද්‍යානයේ සිටින වැන්ග් වැන්ග් (Wang Wang) සහ ෆු නි (Fu Ni) නම් යෝධ පැන්ඩා යුවළ නැවත චීනයට රැගෙන ගොස් ඒ වෙනුවෙන් වෙනත් යෝධ පැන්ඩාවන් යුගළයක් ලබාදෙන බව චීන අගමැති ලි ශියෑන් ප්‍රකාශ කර තිබෙනවා.

Read More »

මෙල්බන් නිවාස දෙකක ගින්න මැඩ පවත්වද්දී වෙළඳසැල් දෙකකුත් ගිනි ගනී

මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ නිවාස දෙකක ගරාජයන්වල ඊයේ රාත්‍රී සිදු වූ සැකකටයුතු ගිනි තැබීම් දෙකක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට ස්කොට්ලන්තයෙන් ලකුණු 181ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග දැන් පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 181ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »

රජයේ තීරණ නොසලකා ජාත්‍යන්තර සිසුන්ට වැඩි අවස්ථාවක් දෙන්න ප්‍රාන්තයක් සූදානම්

ෆෙඩරල් රජය ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇති පසුබිමක් තුළ Northern Territory ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් සදහා වැඩි ඉඩක් ලබා දීමට සැළසුම් කර තිබෙනවා.

Read More »

බලාපොරොත්තු රැසක් තැබූ චීන අගමැති ඔස්ට්‍රේලියාවට ඇවිත් කියපු කතාව

තමා ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමඟ චීන ඔස්ට්‍රේලියා සබඳතා යළිත් යථා තත්ත්වයට පත් වී ඇති බව චීන අග්‍රාමාත්‍ය ලී ශියෑන් (Li Qiang) පවසනවා.

Read More »