Search

කැළෑ බළලුන් ඇතුලූ ආක්‍රමණශීලි සත්වයන් නිසා ඔස්ට්‍රේලියාවට $ බිලියන 25 ක පාඩු

කැළෑ බළලුන් ඇතුලූ ආක්‍රමණශීලි සත්ව විශේෂවල ක්‍රියාකාරකම් හේතුවෙන් ඔස්ට්‍රේලියාවට වාර්ෂිකව ඩොලර් බිලියන 25 ක පමණ පාඩු සිදුවන බව නවතම වාර්තාවකින් හෙළිවී තිබෙනවා.

ආක්‍රමණශීලී සත්ව විශේෂ 3,000 කට ආසන්න සංඛ්‍යාවක් ඔස්ට්‍රේලියාව තුල වාසය කරන බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ.

2021 වසරේදී කැළෑ බළලුන්ගෙන් පමණක් සිදුව ඇති පාඩුව ඩොලර් බිලියන 19 ක්.

මෙම සමීක්ෂණයේදී හෙළිවී ඇත්තේ ආක්‍රමණශිලි සත්ව විශේෂ හේතුවෙන් 2019 වසරේදි පමණක් රටවල් 143 කට සිදුව ඇති සමස්ථ වියදම ඩොලර් බිලියන 432 ක් බවයි.

මෙම තත්වය සෑම දශකයක් තුලම සිව් ගුණයකින් වර්ධනය විය හැකි බවටයි පුරෝකථනය කර ඇත්තේ.

සමස්ථ හානියෙන් සියයට 06 ක බලපෑමක් ඔස්ට්‍රේලියාවට සිදුව තිබෙනවා.

කැළෑ බළලුන්ට අමතරව කැලෑ හාවන් සහ රතු කුහුඹීන්ගෙන් වන බලපෑමද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය වසර 60 ක කාලය තුළ ආක්‍රමණශීලි සත්ව විශේෂ හේතුවෙන් රටට පාඩු වු මුදල ඩොලර් බිලියන 390 ක්.

Auslankatv Today’s Top Stories.2024.10.14

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ ඔස්ට්‍රේලියාවට එන්න දින කිහිපයක් තිබියදී ජනරජ යෝජනා ගැන රජුගේ මතය දන්වයි හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි

Read More »

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »