ශෛල්‍ය නොවන රූපලාවන්‍ය වෘත්තිකයින් සඳහා නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමට ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා.
රූපලාවන්‍ය වෘත්තිකයින් හට නිසි ක්‍රියා පටිපාටි උපදේශන සහ පූර්ව ප්‍රතිකාර තක්සේරු කිරීම් කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීම එහි අරමුණයි.
රූපලාවන්‍ය කටයුතු සදහා විවිධ රසායනික ද්‍රව්‍ය එන්නත් කිරීමේ වැඩි ප්‍රවණතාවක් මේ වනවිට පවතින බව සොයාගෙන තිබෙනවා.
එවැනි එන්නත්කරණ මගින් රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නියුතුවූවන් විසින් ඩොලර් බිලියනයකට අධික මුදලක් උපයන බවටයි තහවුරු කරගෙන ඇත්තේ.
කෙසේවෙතත් එවැනි එන්නත් භාවිතයෙන් පසු බරපතල අසාත්මිකතා සිදුව ඇති බවට පාරිභෝගිකයින් විසින් පසුගිය මාස 18 ක කාලය තුළ පැමිණිලි රැසක් ඉදිරිපත් කර තිබුණා.
මේ සම්බන්ධව සැලකිල්ලට ගෙන මහජන ආරක්ෂාව මුල් කරගනිමින් මෙම මාර්ගෝපදේශ හදුන්වාදීමටයි සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත්තේ.