ඔටිසම් රෝගී තත්වයෙන් පෙළෙන එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු බ්‍රිස්බන් හි නිවසක කිසිදු රැකවරණයකින් තොරව වාසය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ක්වින්ස්ලන්ඩ් රජය එම පවුලෙන් සමාව අයැද තිබෙනවා.
පොලීසියට ලද ඇමතුමකට අනුව එම නිවස පරික්ෂා කිරීමට යෑමේ දී ඔටිසම් රෝගි තත්වයෙන් පෙලෙන ළමුන් දෙදෙනෙකු නිවසෙහි කාමරයක් තුල නිරුවතින් සිටියදි සොයාගෙන තිබුණා.
වයස අවුරුදු 17 සහ 19 වයසෙහි පසුවන මෙම පිරිමි ළමුන් දෙදෙනාගේ පියා ඒ වන විටත් නිවසේදීම මියගොස් සිටිය දි සොයාගත් බවයි පොලීසිය සදහන් කළේ.
ඒ වන විටත් එම දරුවන්ගේ සෞඛ්‍ය තත්වය නරක අතට පත්වීම හේතුවෙන් රෝහල් ගත කිරිමටයි පියවර ගෙන ඇත්තේ.
ආබාධ සහිත දරුවන්ගේ ආරක්ෂාව සහ සුභ සිද්ධිය වෙනුවෙන් රජය මීට වඩා අවධානයෙන් පසුවිය යුතු බව අබාධිත පුද්ගලයින් සදහා වු රාජකිය කොමිෂන් සභාව චෝදනා නගනවා.
කොමිෂන් සභාව වැඩිදුරටත් පෙන්වා දි ඇත්තේ ළමා ආරක්ෂාව, අධ්‍යාපන සහ සෞඛ්‍ය සම්බන්ධ ලැබෙන පැමිණිලි සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති බවයි.
ආබාධ සහිත පුද්ගලයින් අත්විඳින ප්‍රචණ්ඩත්වය, අපයෝජනය සහ නොසලකා හැරීම් සම්න්ධව නීති පද්ධතිය ශක්තිමත් කල යුතු බව කොමිසම අවධාරණය කර තිබෙනවා.
Family and domestic violence support services:
- 1800 Respect National Helpline: 1800 737 732
- Women’s Crisis Line: 1800 811 811
- Men’s Referral Service: 1300 766 491
- Mensline: 1300 789 978
- Lifeline (24-hour Crisis Line): 131 114