NSW – ක්වීන්ස්ලන්ඩ් සුළි කුණාටු – ලැව් ගිනි අනතුරු ඇගවීම්

2018 වසරෙන් පසු ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට ඉහළම ලැව් ගිනි අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

තවත් සති කිහිපයකින් දකුණු ක්වීන්ස්ලන්ඩ් හි ප්‍රදේශ ගණනාවක දෛනික උෂ්ණත්වය අංශක 33 ඉක්මවා සටහන්විය හැකි බවටයි පුරෝකථනය කර ඇත්තේ.

අකුණු සැර හමුවේ ලැව් ගිනි ඇතිවීමේ අවධානම කැපී පෙනෙන ලෙස ඉහළ අගයක් ගනු ඇති බවටද අනාවැකි පළවනවා.

මේ අතර ඔක්තෝබර් සිට මාර්තු දක්වා කාලයේදී ඇති විය හැකි සුළි කුණාටු තත්වයන්ට මුහුණ දීම සදහා සුදානමින් පසුවන ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය ප්‍රාන්තවාසීන්ට දන්වා සිටිනවා.

පසුගිය වසරේ මෙම කාලය තුළ කුණාටු ආශ්‍රිත ආපදා සිදුවීම් 14,000 කට අධික සංඛ්‍යාවකට නිව් සවුත් වේල්ස් වැසියන් මුහුණ දී තිබුණා.

කාළගුණ අංශ අනාවැකි පළ කර ඇත්තේ පෙර වසරට සාපේක්ෂව මෙවර ස්වභාවික ආපදා අවධානම අවම බවයි.

කෙසේවෙතත් ජනතාව මේ සම්බන්ධව අවධානයෙන් පසුවිය යුතු බවටයි අනතුරු අගවා ඇත්තේ.

සුළි කුණාටු පමණක් නොව ගංවතුර අවධානමක් ද පැවතිය හැකි බවට කාලගුණ අංශ තවදුරටත් පුරෝකථනය කර සිටිනවා.

පිහි ඇනුමෙන් විපතට පත්වූවන් වෙනුවෙන් අගමැති ඇතුලු දහස් ගණනක් එක්වෙයි

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් විපතට පත් වූවන්ට ගෞරව දක්වා ඉටිපන්දම් දැල්වීමට බොන්ඩායි බීච් වෙත දහස් ගණන් ජනතාව ඊයේ පස්වරුවේ රැස්ව සිටියා.

Read More »

මාධ්‍යයට හෙළි නොවූ සිඩ්නි අවට පිහි ඇනුම් ගැන තොරතුරු එළියට

ගතවූ සතියක කාලයක් තුල සිඩ්නි අවට ප්‍රදේශ කිහිපයකදී පිහි ඇනුම් 5කින් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

විශ්‍රාම යන ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන්

විශ්‍රාම යෑමේදී මිලියන 4කට අධික ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »