ඔස්ට්‍රේලියාවෙන් ගවයින් ආනයනය අත්හිටුවමින් මැලේසියාව විසින් පණවා තිබු තාවකාලික තහනම ඉවත් කර තිබෙනවා.
ඒ අනුව මාසයකට පමණ පසු නැවතත් ඔස්ට්‍රේලියානු ගවයින් මැලේසියාව වෙත පිටත්කර හැරීමට නියමිතයි.
පළමු සත්වයන් තොගය ඉදිරි පැය 48 තුළදී ඩාර්වින් සිට පිටත්වයාමට නියමිත බවයි පැවසෙන්නේ.
ආනයනික සතුන්ට බලපා තිබූ රෝගී තත්වයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවෙන් ගවයින් ආනයනය තාවකාලිකව අත්හිටුවීමටයි මැලේසියානු බලධාරීන් පියවර ගෙන තිබුණේ.
ගවයින් 1000 ක් උපයෝගි කරමින් සිදුකල සමීක්ෂණයකින් අනතුරුව අදාළ චර්ම රෝගයට ඔස්ට්‍රේලියා සතුන් ගොදුරුවී නොමැති බවත් ඔස්ට්‍රේලියාව එම සත්ව චර්ම රෝගි තත්වයෙන් නිදහස් රටක් බවත් තහවුරු කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම රෝගී තත්වයම හේතුවෙන් ඉන්දුනිසීයාව විසින් ඔස්ට්‍රේලියාවට එරෙහි පනවා ඇති ගවයන් ආනයන තහණම තවදුරටත් ක්‍රියාත්මකයි.
සත්ව අපනයනයේදි ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම ගැණුම්කරුවෙකු වන ඉන්දුනීසියාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සත්ව අපනයනයට පෙර සත්වයින් සම්බන්ධ හොදින් නිරීක්ෂණය කිරීම වැදගත් වන බවයි.