Search

ඔස්ට්‍රේලියා වීසා ගැටලු සඳහා නොමිළයේ උපදෙස් ගැනීමේ අවස්ථාවක්

සංක්‍රමණ සහ ඔස්ට්‍රේලියානු වීසා ගැටලු සම්බන්ධයෙන් නොමිළයේ උපදෙස් ලබාගැනීමේ මහගු අවස්ථාවක් ලබන 16 වනදා උදා වනවා.

ඒ Ausලංකා TV Current Affairs වැඩසටහන විසින් මෙහෙයවනු ලබන AUSLANKA TV MIGRATION CONFERENCE ’23 හිදීයි.

සම්පූර්ණයෙන් නොමිලයේ පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා එදින Clayton Community Centre Theatre (9/15 Cooke St, Clayton VIC 3168) වෙත පැමිණ සහභාගීවීමට දැනට ඔස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකික සිසුන් 100 කට වැඩි පිරිසක් දැනටමත් ලියාපදිංචි වී අවසන්.

ලොව පුරා වාසය කරන ඕනෑම අයෙකුට Zoom හරහා මෙම වැඩසටහන සමග සම්බන්ධවීමටද අවස්ථාව පවතිනවා.

ඔස්ට්‍රේලියානු සංක්‍රමණ ක්ෂේත්‍රයේ ඉහළම ප්‍රවීණයන් 05 දෙනෙකු එදිනට සම්පත් දායකයන් ලෙස මෙම වැඩසටහනට සහභාගීවීමට නියමිතයි.

සංක්‍රමණ ගැටලු පිළිබඳ ඔවුන්ගෙන් කරුණු විමසා තහවුරු කරගැනීමට නොමිළයේ අවස්ථාවක් උදාවීමද විශේෂත්වයක්.

Student, Skilled, Dependent, Work, Sponsored, Business යන සියලු වීසා කාණ්ඩ පිළිබඳ මෙහිදී ගැඹුරින් කරුණු සාකච්ඡා කෙරෙනු ඇති.

එමෙන්ම එදිනට පැමිණ සහභාගීවන ලාංකික සිසුන්ට අවශ්‍ය තොරතුරු ලබාදීම සඳහා තොරතුරු කවුලු (Info Desk) පවත්වාගෙන යාමටද පියවර ගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියානු සංක්‍රමණ සහ වීසා තොරතුරු පිළිබඳ මෙම සම්මන්ත්‍රණය සඳහා එදින පැමිණ සහභාගීවීමට සියලු ආසන මේ වනවිට ලියාපදිංචි කර අවසන්.

එහෙත් ලොව ඕනෑම තැනක සිට zoom හරහා සම්බන්ධවීමට පහත link එකට පිවිස ලියාපදිංචි වීමට ඔබට තවමත් අවස්ථාව පවතිනවා.

https://www.trybooking.com/1106373

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »