පොදු වැසිකිළි තුළ ළමුන්ගේ අසභ්‍ය ඡායාරූප ගත් ක්වින්ස්ලන්ඩ් 06 කට චෝදනා

මහා පරිමාණ ළමා අපචාර ජාලයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ක්වින්ස්ලන්ඩ් සැකකරුවන් 06 දෙනාට චෝදනා 100 කට අධික ප්‍රමාණයක් ගොණු කර තිබෙනවා.

වයස අවුරුදු 26 ත් 46 ත් අතර පසුවන ඔවුන්ට වෙන වෙනම චෝදනා ගොණු කර ඇති අතර ඉදිරි සතියේදි අධිකරණ වෙත යොමු කිරීමට නියමිතයි.

මෙම ඇතැම් චෝදනා සඳහා වසර 20 ක උපරිම සිර දඩුවම් පවා නියම කල හැකි බව සඳහන්.

පොදු වැසිකිළි තුළ ළමුන්ගේ ඡායාරූප හොර රහසේ ගැනීම සහ එම ඡායාරූප අසභ්‍ය වෙබ් අඩවි වෙත පලකිරීම ඇතුලූ චෝදනා රැසක් සැකකරුවන්ට එරෙහිව එල්ල වී තිබෙනවා.

එමෙන්ම ළමා අපයෝජන සඳහා වයස අවුරුදු 17 ට අඩු දරුවන් භාවිත කර ඇති අතර සමාජ මාධ්‍ය හරහා ළමුන් මේ සදහා පොළඹවා ගැනීමට ද ඇතැම් සැකකරුවන් කටයුතු කර තිබෙනවා.

ක්වීන්ස්ලන්ඩ් පොලිසිය සඳහන් කළේ 2022 වසරේ ජූලි මස සිට මේ දක්වා ළමා ආරක්ෂාව සම්බන්ධ නඩු 15,000 කට අධික ප්‍රමාණයක් විභාග වන බවයි.

පසුගිය වසරේ ජූලි මස පළමුවනදා සිට මෙම වසරේ ජූනි 30 දක්වා කාලය තුළ ක්වීන්ස්ලන්ඩ් ළමා අපයෝජන පැමිණිළි 8005 ක් සම්බන්ධයෙන් පුද්ගලයන් 1587 දෙනෙකුට චෝදනා ගොණු කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »