විපක්ෂ නායකගේ “02 වන” යෝජනාවට අගමැතිගෙන් ප්‍රහාරයක්

කිසිදු පාර්ශවයක් විසින් දෙවන ජනමත විචාරණයක් අපේක්ෂා නොකරන බව අගමැති ඇන්තනී ඇල්බනීස් පවසනවා.

අද ෆෙඩරල් පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව ප්‍රකාශ කලේ විපක්ෂ නායක පීටර් ඩට්න් කර තිබූ අදහස් දැක්වීමකට ප්‍රතිචාර දක්වමිනුයි.

ලබන ඔක්තෝබර් 14 වනදා පැවැත්වෙන ස්වදේශික ජනමත විචාරණය පරාජයට පත්වුවහොත් සිය පාලනයක් යටතේ දෙවන ජනමත විචාරණයක් පවත්වන බවයි විපක්ෂ නායකවරයා පසුගියදා සඳහන් කර තිබුණේ.

අද පාර්ලිමේන්තුවේදී අගමැති ඇල්බනීස් කියාසිටියේ ස්වදේශික ජනතාවට අයිතිවාසිකම් හිමිවීමට පීටර් ඩට්න් අකමැති බව මෙමගින් පෙනී යන බවයි.

විපක්ෂය සිදුකල යුත්තේ සංශෝධන සිදු කරමින් මෙම යෝජනාව සම්මත කරගැනීමට සහය දීම මිස එය කඩාකප්පල් කිරීම නොවන බවද ඔහු අවධාරණය කරනවා.

ලිතියම් බැටරි ජීවිත 16ක් නැති කරයි

ලිතියම් බැටරි කිහිපයක් පුපුරා යාමෙන් පසු ඇති වූ දැවැන්ත ගින්නකින් දකුණු කොරියාවේ කම්හලක සේවයේ නිරතව සිටි පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වල ක්‍රිකට් ලෝලීන්ට T20 තරග බලන්න සුපිරි ක්‍රීඩකයෙකුගෙන් අවන්හලක්

Amazon Prime Video සමාගම විසින් එහි සන්නාම තානාපති මෙන්ම ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රීඩක Usman Khawaja සමග එක්ව මෙල්බන්හි Prime Cafe නමින් අවන්හලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ලබන සතියේ සිට ඔස්ට්‍රේලියානුවන් අතට වැඩි මුදලක් ලැබෙන හැටි

තුන්වන අධියරේ බදු කප්පාදුවත් සමග ලබන සඳුදා සිට ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩි වීමකට සමාන ආකාරයෙන් වැඩි මුදලක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

තත්පරයකටත් අඩු කාලයකදී Rubik cube එකක් නිවැරදිව සකස් කර නව ගිනස් වාර්තාවක්

තත්පරයකටත් අඩු කාලයකදී Rubik’s cube එකක් නිවැරදිව සකසා ලෝක වාර්තාවක් පිහිටුවීමට ජපාන රොබෝ යන්ත්‍රයක් සමත්ව තිබෙනවා.

Read More »

කාලගුණයේ වෙනසක් ගැන මෙල්බන් සහ සිඩ්නි ජනතාවට දැනුම්දීමක්

මෙම සතිය ඇතුලත ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රන්තවලට ශීත කාලගුණය සමග වැසි ඇති විය හැකි බවට කාලගුණ කාර්යාංශය අනාවැකි පළ කර තිබෙනවා.

Read More »