Cash rate අගය ගැන අද ගත් තීරණය මෙන්න

සැප්තැම්බර් මාසය සඳහාත් පොළී අනුපාතික අගයන් නොවෙනස්ව පවත්වාගෙන යාමට ෆෙඩරල් සංචිත බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම මාසය තුළදීත් cash rate අගය සියයට 4.1 ක් ලෙසම පවතිනු ඇති.

උද්ධමනය අඩුවීම මීට ප්‍රධාන හේතුවයි.

තවත් දින කිහිපයකින් ධුරයෙන් විශ්‍රාම යන ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධානී ආචාර්ය ෆිලිප් ලෝ විසින් අවසන් වරට නිවේදනය කරනු ලැබූ පොළී අනුපාතික තීරණය මෙය වීමද විශේෂත්වයක්.

ලබන සැප්තැම්බර් 17 වනදා සිට ඔස්ටේ්‍රලියාවේ නව ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධානී ධුරයට මිචෙල් බුලොක් පත්වීමට නියමිතයි.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »