මෙල්බන් CBD හි La Trobe වීථිය මාස 12 කට වැසේ

මෙල්බන් CBD හි ප්‍රධානතම වීථියක් වන ලා ට්‍රෝබ් වීථිය මාස 12 ක කාලයකට වසා දැමීමට තීරණය වී තිබෙනවා.

නව දුම්රිය ස්ථානයක් ඉදි කිරීම සඳහා වන ඉදි කිරීම් කටයුතු සිදුකිරීමයි ඊට හේතුව වන්නේ.

ඊයේ රාත්‍රී 10 සිට එළිසබෙත් වීථිය සහ ස්වොන්ස්ටන් වීථිය අතර කොටස වසා දමා ඇති බව සඳහන්.

වසරකට ආසන්න කාලයක් මෙම මාර්ග වසා දැමීම බලාත්මක වනු ඇති.

විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි මෙල්බන් වෙත පැමිණෙන රියදුරන්ගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.

 

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »