Search

වෙස්ට්පැක් බැංකුවට එරෙහිව ආයෝජන කොමිසමෙන් නඩු

ගණුදෙනුකරුවන්ට නියමිත පරිදි නිවේදන නිකුත් නොකිරීමේ චෝදනාවකට අදාළව ඔස්ටේ්‍රලියානු ආයෝජන කොමිසම විසින් වෙස්ට්පැක් බැංකුවට එරෙහිව ෆෙඩරල් අධිකරණයක් හමුවේ නඩු පවරා තිබෙනවා.

2015 ත් 2022 ත් අතර කාලයේදී දුෂ්කරතාවයට පත්වූ ගණුදෙනුකරුවන් 229 දෙනෙකුට අදාළවයි මෙම නඩුකරය ගොණු කර ඇත්තේ.

ණය – උකස් වාරික මෙන්ම සෞඛ්‍ය හේතු වැනි කරුණු සම්බන්ධයෙන් තමන් දැඩි දුෂ්කරතාවයකට ලක්ව සිටින බව මෙම ගණුදෙනුකරුවන් විසින් බැංකුව දැනුවත් කර තිබුණා.

එහෙත් දින 21 ක කාලයක් තුළදී ඔවුන්ට ප්‍රතිචාර දැක්වීමට බැංකුව විසින් අපොහොසත් වී ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

එම කාලය තුළදීත් ඔවුන්ගෙන් ඩොලර් ලක්ෂ 09 කට ආසන්න ණය වාරික අය කර ගැනීමට වෙස්ට්පැක් බැංකුව විසින් කටයුතු කර ඇති බවටද ආයෝජන කොමිසම විසින් සඳහන් කර සිටිනවා.

ඔස්ට්‍රේලියාවේ Childcare ආයතනවල අක්‍රමිකතා ගැන විමර්ශන මාලාවක්

Childcare ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන පාර්ලිමේන්තු විමර්ශනයක් පැවැත්වීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »