Search

MCG ආවරණය වන පරිදි වහළයක් සවි කිරීමේ යෝජනාවක්

සමස්ත මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයම ආවරණය වන පරිදි විවෘත කල හැකි සහ වැසිය හැකි වහළයක් සවි කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

ක්‍රිකට් මෙන්ම AFL පාපන්දු තරග පැවැත්වීමේදී වර්ෂාවෙන් එල්ලවන බාධා මග හරවා ගැනීමයි එහි අරමුණ වන්නේ.

එමෙන්ම අධික ශීතල දිනයකදී පවා මෙම ආවරණය යෙදීම මගින් ක්‍රීඩාංගණයේ ඇතුළත උෂ්ණත්වය ආරක්ෂා කරගැනීමට හැකිවනු ඇති බවටද මත පළවනවා.

මෙම යෝජනාව තවමත් සාකච්ඡා මට්ටමේ පවතින අතර තවමත් අවසන් තීරණයක් ගෙන නැහැ.

දැනට එහි තක්සේරුගත වියදම ලෙස ඩොලර් බිලියන 1.5 ත් 02 ත් අතර මුදලක් ගණන් බලා තිබෙනවා.

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »