Search

නිවාස හිමියන්ගෙන් 9/10 ක tax return ඉල්ලුම්පත්වල දෝෂ

ඔස්ට්‍රේලියානු නිවාස හිමියන් අතුරින් 9/10 ක්ම ඉල්ලුම්පත් සම්පූර්ණ කර ඇත්තේ දෝෂ සහගත අයුරින් බවට බදු කාර්යාලය විසින් තොරතුරු හෙළි කරගෙන තිබෙනවා.

නිවාස කුළී ආදායම නිසි ලෙස ගණනය නොකිරීම – දේපළ වල අලුත්වැඩියා සඳහා අයකරන ගාස්තුවල ගණනය කිරීම් දෝෂ වැනි කරුණු රැසක් හඳුනාගත් බවයි ඔවුන් සඳහන් කරන්නේ.

එකම වියදම කිහිප අවස්ථාවකදී සටහන් කිරීමද ප්‍රධාන දෝෂ අතර වනවා.

නිවාස හිමියන් මෙන්ම ඔවුන්ගේ බදු නියෝජිතයන් ද මේ පිළිබඳ අවධානය යොමු කල යුතු බව බදු කාර්යාලය අවධාරණය කරනවා.

නිවැරදි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත් ලැබීමෙන් ලබාදීම පහසුවන බවයි ඔවුන් සිහිපත් කරන්නේ.